Tuesday, February 5, 2019

කාන්තා මනස


කාන්තාවක් තුල වරින් වර දකින්නට ලැබෙන මනොභාවයන්ගේ චල ස්වරුපය/ mood swing කෙරෙහි ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව ඔබ සියළු දෙනාම සැලකිලිමත් ව ඇති. 

කාන්තාවක් මේ ලක්ෂණ ආර්තවයට සතියකට/සති එකහමාරකට පමණ පෙන්වනවා ද 
  • හේතුවක් නැතිව තරහා ගැනීම
  • කරන සියළු දෙයින් හිත රිදවා ගැනීම  
  • හිසේ කැක්කුම 
  • මස්පිඩු පෙරලීම/ මස්පිඩු වේදනා, වැනි පීඩාකාරී බවක්?
හිසේ කැක්කුම අති වෙන්නේ ඇයි?
  • සෑම මසකම ඩිම්බයක් මෝචනය වීම සංසේචනය වීම ලෙසින්  ආර්තව දාමය කාන්තාවක් ගැබ් ගැනීම සඳහා සුදානම් කිරීමේ ක්‍රියාවලිය ලෙසින් ක්‍රියාත්මක වේ.
  • මෙහි දී සංසේචනය නොවී ගිලිහෙන ඩිම්බයක් හෙවත් ආර්තවය ආරම්බ වූ දින සිට 12,13,14,15,16 යන දින වල දී කලලයක් හෙවත් දරුවකු පිළිසිඳ ගැනීමට අවශ්‍ය පරිදි ගර්භාෂයතුල ඊස්ට්‍රජන් ශ්‍රාවය කරමින් පරිසරය සකස්කර ගන්නවා. 
  • ආර්තව චක්‍රයේ මද දී  ඩිම්බ ය ඩිම්බ ආධාරක මගින් මුදාහරින මොහොත වන විට සංසේචන ක්‍රියාව සාර්ථක කරණු පිණිස ප්‍රොජෙස්ටරෝන් හෝමන ශ්‍රාවය වැඩි කරණු ලබනවා. මෙම ක්‍රියාවලිය නිසා ඊස්ට්‍රජන් මගින් ගර්භාෂ බිත්තිය ශක්තිමත් ව ඩිම්බය සංසේචනය ට සුදුසු පරිදි පවත්වා ගැනීමට උපකාරී වෙනවා.
  • නමුත් ඩිම්බය සංසේචනය නොවී ආර්තවය සිදුවන විට දී ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් පරිමාවන් පහත් අගයක් ගන්නවා.  
  • මෙම හෝමෝන උච්චාවචනය නිසා මොළයේ  රුධිර වාහිනී සංකෝචනය හා  දිගහරිම හේතුවෙන් හිසේ කැක්කුම් ලක්ෂණ මතුකරනු ලබනවා.
ඒ වගේම මෙම තත්වය "ඇයට" පමණක් සිදුවන්නක් ද?

  • ඇත්තටම සැම කාන්තාවන් 4 දෙනෙකුගෙන් 3 දෙනෙක්ම මෙම මනෝභාව විචල්‍යතාවයට ලක්වෙනවා.

ඉන් මිදීමට 
  • ශාරීරික ව්‍යායාම වල යෙදීම 
  • පෝෂ්‍යදායී මෙන්ම තමන් ප්‍රිය ආහාර, සුළු ප්‍රමාණ ලෙසින් වැඩි වාර ගණනක් ආහාරයට ගැනීම 
  • තමන් කැමති වැඩක/ ක්‍රියාවක යෙදීම 
  •  සුව නින්දක් ලැබීමත් වැදගත් වෙනවා. 
මේ බව ඔබට මතක් කරන 
මම 
බුද්ධිකා එරන්දී ජයසිංහ